පැතුමක්

වරම් පැතුවෙමි
රෑදි ඉන්නට
මගෙ යයි සිතු
ලොකයේ...
අවසරද මට
නික්ම යන්නට
ඔබෙ යයි කියු
ලෝකයෙන්...

නෙත ගැටුනු දා...
නෙතගින් බැලු ඈ
මගෙම යැයි සිතුනි
එත්...
අමයුරුවූ ඒ ප්‍රේමය
සදා සරදම් ලබයි...
බෑදි පව්රු බිද දමා
කරන්නට සිතෙයි අබිනික්මන්...

ඔබ

වලකුලින් සද බොදවෙලා
වැහි දියෙන් දිය බොරවෙලා
නටු අගින් මල් ගිලිහිලා
මගෙ සිතින් ඔබ නික්මිලා...


ඔබ ලියු පද වැල්
ඈත මා ලග
ඔබ රූ චායවන්
ඈත මා ලග
ඔබෙ හඩ රාවයන්
ඈත මා ලග
ඔබෙ සිත පමනක්
නොමත මා ලග...


පුර හදක් වී ඔබ
බබලවයි නම්
මගෙ ලෝකයම
තනි තරුවක් වී
මම ඉන්නම්
ඔබෙ අහසෙම...

අම්මා

අනන්තවු දුක් කමි කටොලු මැද මා හට මෙලොව එලිය දකින්නට දිවා රැ නොතකා තම දිවි දෙවනි කොට දුක් ගැහැට විදි අම්මේ ඔබටයි මාගේ ප්‍රතම දිග හැරුම!!!

වෙහෙරක් වගේ පින් දුන් කෙනෙක්
දෙවොලක් වගේ දුක් ලැබු කෙනෙක්

කුබුරක් වගේ බත් දුන් කෙනෙක්
වේ නම් ලොවේ... නුඹයි අපෙ අම්මා..

සයුරක් වගේ කිරි දුන් කෙනෙක්
වෙරලක් වගේ පන දුන් කෙනෙක්
ඔරුවක් වගේ අත දුන් කෙනෙක්
වේ නම් ලොවෙ... නුඹයි අපෙ අම්මා..

කදුලක් වෙලා දුක් වු කෙනෙක්
දියඹක් වෙලා තුටු වු කෙනෙක්
ගගුලක් වෙලා පැන් දුන් කෙනෙක්
වේ නම් ලොවෙ... නුඹයි අපෙ අම්මා..


ගායනය: කරුනාරත්න දිවුල්ගනෙ
පද රචනය: පුජ්‍ය රබුක්කන ශ්‍රි සිද්දාර්ත හිමි
සංගිතය : කරුණාරත්න විජෙවර්දන