අම්මේ ... මා තනිකරලන්න එපා.....

නුහුරු නුපුරුදු ලෝකයක් තුල නුබ සෙවනෙන් මිදිලා...
ආගන්තුක ආදරයක් ලග නතර වෙලා......
හිරු සදු අහිමිව...ජීවිතයත් අහිමිව.....
මා ඒ මග නිමා වි කුරිරු ලොවක් තුල හඩා වෑටෙද්දි...
නුබේ සෙවනයි මා රෑක ගත්තේ....
නුබේ ආදරයයි මට පන දුන්නේ....
කුරිරුයි ලෝකේ අම්මේ ...
ඒ ලොව තුල මා තනිකරලන්න එපා.....

Love you till the last breath

I want to fill your life with the smell of all of flowers.
I want to make your life as happy as you want.
I want to make you as dear as I want.
I want to make you the most special person.
I want to love you till the last breath of mine....... ♥ ♥

ආදරේ කියන්නේ වේදනාවක්ද?

ආදරේ කියන්නේ හුදෙක්ම වේදනාවක් නෙමේයි....කෙනෙකුට ආදරේ වේදනාවක් වෙනකොට තවත් කෙනෙකුට ඒක ගොඩක් සුන්දර දෙයක්. තවත් කෙනෙකුට සතුටක් වෙන ආදරය තවත් කෙනෙකුට දුකක්....මං දකින ආදරය දුක, සතුට, අදරය, කරුනාව, වේදනාව, ලෙන්ගතුකම, සුන්දරත්වය කැටිවු කටුකවූත් සුන්දරවූත් මිහිරිතම අත්දැකිමක්..කවුරු මොනවා කිව්වත් පරම පිවිතුරු ආදරයක් මෙ ලොකේ තිබුනනම් ඒ සිදුහත් කුමරයා සහ යශෝධරා දේවිය කියන ආදරවන්තයින් ලඟ පමනයි... මං එහෙම කියන්නේ බුදුදහමට අනුව....දන්නා පමනින් ඉන් පසුව මේ ලොකේ පරම පිවිතුරු අදරයක් තිබුනේ නැ. අපි කොහොම මොනදේ කිව්වත් සැබැ තත්වයනම් අපි ඉන්න මේ ලෝකයයේ ආදරයක් කියා හදුන්වන්නේ රාගය, අශාව, තන්හාවෙන් පිරුනු තාවකලික තෘප්තියක්...එක දවසක් මාසයක් අවුරුද්දක් නැත්නම් ජිවිතේ ඇති තුරාවට වෙන්න පුලුවන්. ඒ දේ තෙරුම් අරන් ආදරෙ කලානම් ආදරේ ගැන මේවගේ දෙවල් ලිය වෙන්නේ නැ. කවරු කොහොම් කෙසේ කිව්වත් ආදරේ කියන්නේ තමන් ආදරේ කරන කෙනා වෙනුවෙන් කරන උතුම් පරිත්යගයක්...අසීමිත කැප කිරීමක්.

ආදරය මැනීමට මිම්මක්....

මිනිස්සු ලස්සන වෙන්නේ හදවත ලස්සන උනාම කියන ඒක සමාජ පිලිගැනීම. ආදරයෙදි මේ කියන ලස්සන ගොඩක් හොයල බලන දෙයක්.... ඒත අපි දකින මේ ආදර කතා වල හදවතින් ලස්සන අයට තැනක් නැ. බාහිර ලස්සනට හැම්දේම යට වෙලා.... බාහිර ලස්සන තියෙන්නේ බොහොම ටික කාලයයි. ඒත් කෙනෙකුගේ හදවතේ ලස්සන එ කෙනා මිය යනකල්ම පවතින්වා.... කතාව කොහොම උනත් යෞවනයත් එක්ක ආදරය බැදීමත් සමඟම ආදරය කියන වදනින් පවා අභයන්තර ලස්සන එහෙමත් නැත්නම් හදවතේ ලස්සන ඈත් වෙලා...එයයි යතාර්තය.... මේ කියන යතාර්තයත් එක්කම හදවතින් ලස්සන කෙනාට ආදර කතාන්තර වලදී හැමදාමත් උරුම උනේ තනිකම, පාලුව, දුක, සාංකව, විරහව කියන දේවල් විතරයි. මේ ආදර කතා වල හදවතින් ලස්සන අයත් ආදරේ දිනපු අවස්ථා නැතුවම නෙමේයි. ඒත් අල්පයි. මේ ගැන හිතලා බලත්දී හිතට දැනේන එක දෙයක් තමයි වර්තමාන යොවුන් ආදරවන්තයින් හදවතේ ලස්සනට වඩා බාහිර ලස්සන ගැන වැඩිපුර සැලකිල්ලක් දැක්වීම. ඒ කතා කෙසේ කොහොම උනත් තේරුම් යන එක දෙයක් නම් "ආදරය මැනීමේ මිම්මක් බවට බාහිර ලස්සන පත්වීම." එකී නොකී මෙකී සියලු දෙයින්ම අන්තිමට ගම්‍ය වෙන්නේ වර්තමාන ආදර කතා වලට හදවතින් ලස්සනවුන්ට තැනක් නොමැතිකම නොවේද?

හැමදාම ආදරෙයි මං නුබට...












සතුට අරගෙන ඇවිත් කදුල ඉතිරි කර දී
වෙන්ව යන්නට හමු උනේ ඇයි ඔය නෙත්
පන වගේ ආදරය කර ඔබගේම කියූ නෙත්...
අහිමි බව ඉදුරා දැන දැනත්
දේඅතේ පැටලෙන්නේ කෙලෙසින්ද දිවවිත්
දැක ගන්නට නොලැබුනාට...
ලන්වෙන්නට නොලැබුනාට...
මේ හිත මියැදෙන්නෑ
හැමදාම ආදරෙයි මං නුබට...

විප්ලවකාරී විකල්පය නොහොත් වෙනස....

මේ ලිපිය අප විශ්වවිද්‍යාලයේ e-පොත නමින් පලක විද්‍යුත් සගරාවෙන් උපුට ගත් ලිපියකි. කියවීම සදහා පින්තුරය මත Click කරන්න...


පෝස්ටරයේ උපත ගැන දන්නවාද?...

මේ ලිපිය අප විශ්වවිද්‍යාලයේ e-පොත නමින් පලක විද්‍යුත් සගරාවෙන් උපුට ගත් ලිපියකි. කියවීම සදහා පින්තුරය මත Click කරන්න...

ලාබයි... ලාබයි... ප්‍රේමය ලාබයි....

මේ ලිපිය අප විශ්වවිද්‍යාලයේ e-පොත නමින් පලක විද්‍යුත් සගරාවෙන් උපුට ගත් ලිපියකි. මෙම සගරාව යතාර්තයක් කිරිමට අපිත් සමග දිවා රාත්‍රී නොබලා වෙහෙස වූ නිශාන්ත එස්.බන්ඩාර (ටොපියා) සහොදරයාගේ සිතට නැගුනු සුන්දර  සිතැගියවාක්... කියවීම සදහා පින්තුරය මත Click කරන්න...


2012 ලෝක විනාශය සත්‍යයක්ද....

 2012 ලෝක විනාශය ගැන බොහෝ දෙනා විවිධ මත පල කරනවා.ඉතින් මටත් හිතුනා මේ ගැන ලිපියක් පල කිරීම කාලීන වශයෙන් වැදගත් වෙයි කියලා...මේ ලිපිය අප විශ්වවිද්‍යාලයේ e-පොත නමින් පලක විද්‍යුත් සගරවෙන් උපුට ගත් ලිපියකි.කියවීම සදහා පින්තුරය මත Click කරන්න...   




සොදුරු සිත්තාරාවියකගේ සිතැගි තෙලිතුඩකින්.....


ලෙන්ගතුකම...

හමු වී ටික දිනයි
නොදුටුවොත් යම් දිනක්
සිතට නෑ සැනසීමක්
මෙතරම් ලෙන්ගතුකමක්
විටක මසිත දවාලයි....
විටක මසිත නිවාලයි....
සිතාගත නොහැකිය මසිතට,
කිමෙක්ද මේ අරුමය....

යාත්‍රාව එනතුරා.....

බර්මියුඩා ත්‍රිකෝණය නොහොත් යක්ෂයාට කැප වු අඩවිය

මුලු ලෝකයම කැලඹීමට සමත් අභිරහස්ජනක සිද්ධීන් සමුදායක් සගවාගත් බර්මියුඩා ත්‍රිකෝණය සැබවින්ම නොවිසිදුනු අභි රහසක් වේවිද යන්න කිව නොහැකිය.එක්සත් රාජධානියේ දක්ෂිණ අත්ලන්තික් සාගර කලාපයේ හෙවත් ෆ්ලෝරිඩාවේ පිහිටි මෙ ප්‍රදේශය සැබවින්ම යක්ෂයාට කැප වු අඩවියක් ලෙස හැදින්වීමේ වරදක් නැත.
කිසිදු පිළිගත හැකි භූ විද්‍යාත්මක දත්ත හෝ සදහනක් නොමැති සාගර කලාපයක් වන මෙය බර්මියුඩා ත්‍රිකෝණය හෙවත් යක්ෂයාගේ ත්‍රිකෝණය ( Devil's Triangle ) යනුවෙන් හදුන්වනු ලැබේ.බොහෝ කාලයක පටන් බර්මියුඩා ත්‍රිකෝණය ආසන්නයේ ගමන් කරන යාත්‍රා වලට මුහුන දීමට සිදුවන අද්භූත සිදුවීම් මේ කලාපය කෙරෙහි ලොව පුරා අවධානය යොමු කිරීමට සමත් වී ඇත.මෙහි ඇති පුදුම සහගත තත්වය නම් වඩාත් හොද තත්වයෙන් සහ කිසිදු කාර්මික දෝෂයක් නොමැතිව මෙ ප්‍රදේශය දක්වා ගමන් කරන අහස් යානා,බෝට්ටු සහ විශාල නැව් ආදී යාත්‍රාවන් යහපත් කාළගුණ තත්වයක් පැවතියදීම හිටි හැටියේ කිසිදු සඳහනක් නොතබා අතුරුදහන් වී යාමයි.ඉතා හොඳින් පලන මැදිරි හා අනෙකුත් ස්ථාන සමඟ සන්නිවේදන සබදතා පවත්වාගනිමින් බර්මියුඩා ත්‍රිකෝණයට ඇතුලුවන යාත්‍රවල පණිවුඩ හුවමරු සංඥා බර්මියුඩා ත්‍රිකෝණයේදී නැවති යයි.බර්මියුඩා ත්‍රිකෝණය ආශ්‍රිතව මාලිමාවල හැසිරිමද පුදුම සහගතය.සාමාන්‍යයෙන් මාලිමා කටුව දක්වන්නේ සැබෑ උතුර නොව චුම්බක උතුරය.එහෙත් පුදුමයකට මෙන් බර්මියුඩා ත්‍රිකෝණය අසලදී මාලිමාව පෘතුවියේ සැබෑ උතුර දක්වන බවට නිරීක්ශනය කල හැකිය.පෘතුවියේ සැබෑ උතුර, චුම්බක උතුරින් අංශක20ක් අපවර්තනය වී ඇති අතර මේ දිශා වෙනස මාලිමා මගින් ප්‍රකාශ වීම සැබවින්ම පහදා දිය නොහැකි තත්වයකි.මේ අයුරින් මාලිමා යන්ත්‍රයෙ ක්‍රියාව වෙනස් වී දක්වන බවට හදුනගෙන ඇති ගොඩ පිහිටි එකම ස්ථානය වනුයේ ජපානයේ Devil Sea වේ.
බර්මියුඩා ත්‍රිකෝණය ආශ්‍රිත අත්භූත භාවය පිලිබද පලමු සදහන හමුවන්නේ වර්ෂ 1492 ඔක්තෝබර් මස 11 වෙනි දින තබන ලද ක්‍රිස්ටෝපර් කොලොම්බස්ගේ ලොග් සටහන් පොතකිනි.එහි බර්මියුඩා ත්‍රිකෝණය ආසන්න්යෙන් ගමන් කරද්දී සිදු වු මාලිමා යන්ත්‍රවල වෙනස්කම් පිලිබද කරුණු සටහන් කර තිබේ.මෙහි ඇති තවත් සුවිශේෂි තත්වයක් වනුයේ මෙලෙසඅත්භූත ආකාරයෙන් සිදුවීම් වලට මුහුන දීමට සිදුවන සාගර කලාපයේ ජ්‍යාමිතික හැඩයයි.එනම් මේ සිදුවීම් වලට බලපාන ප්‍රදේශය වට නිවැරඩි අයුරින් පාද තුනකින් සීමා කොට දැක්විය හැකි වීමයි.මේ හැඩයේ සුවිශෙෂි බව නිසාම මේ කලාපයට බර්මියුඩා ත්‍රිකෝණය යන නාමයද ලැබී තිබේ.
මේ ප්‍රදේශයේ පවතින තත්වය පහදා දීම සදහා විවිද පුද්ගලයින් විවිධාකාර මතයන් ඉදිරිපත් කර තිබේ.සමහර අය මෙහි පිටසක්වල ජීවීන්ගේ බලපෑමක් ඇති බවට විශ්වාස කරති. මෙහි ඇති තවත් සුවිශේෂි තත්වයක් වනුයේ මෙලෙස අත්භූත ආකාරයෙන් සිදුවීම් වලට මුහුන දීමට සිදුවන සාගර කලාපයේ ජ්‍යාමිතික හැඩයයි.එනම් මේ සිදුවීම් වලට බලපාන ප්‍රදේශය වට නිවැරඩි අයුරින් පාද තුනකින් සීමා කොට දැක්විය හැකි වීමයි.මේ හැඩයේ සුවිශෙෂි බව නිසාම මේ කලාපයට බර්මියුඩා ත්‍රිකෝණය යන නාමයද ලැබී තිබේ.මේ ප්‍රදේශයේ පවතින තත්වය පහදා දීම සදහා විවිද පුද්ගලයින් විවිධාකාර මතයන් ඉදිරිපත් කර තිබේ.සමහර අය මෙහි පිටසක්වල ජීවීන්ගේ බලපෑමක් ඇති බවට විශ්වාස කරති.තවත් සමහර පැහැදිලි කිරීම් වලින් විස්තර කර ඇත්තේ මෙම බර්මියුඩා ත්‍රිකෝණය අපේ ලෝකයට සමාන්තරව පවතින වෙනත් ලෝකයක් හෝ කාල මානයක් හා සම්බන්ද වන දොරටුවක් වශයෙනි.මෙ ප්‍රදේශයේ සිදුවන චුම්බක රේඛාවල වෙනස් වීම මෙහි අති විශේෂ සිදුවීම් වලට හේතුවන බවට වන පිළිගැනීමක්ද යම් යම් අය අතර වෙයි.කෙසේ වෙතත් බර්මියුඩා ත්‍රිකෝණය අශ්‍රිත අසාමාන්‍ය තත්වය පිලිබද ස්තිර මතයක් ප්‍රකශ කිරීමට කිසිවෙකු සමත්වි නොමැත.
බර්මියුඩා ත්‍රිකෝණය අශ්‍රිත සිදුවීම් පිලිබද අදහස් දක්වන Kushe නමැති තැනැත්ත කිය සිටින්නේ මෙම ප්‍රදේශයේ අපගේ දැනුමට හසු නොවන අදිසි බාවයක් නිර්මාණය කරන බවයි.නමුත් මෙහි කිසිදු විශේෂත්වයක් නොමැති බවත් මෙයත් අනෙකුත් සාගර කලාපයන්ට සමාන බවටත් විශ්වාකරන පුද්ගලයෝද වෙති.ඔවුන් දරන මතය වනුයේ මෙ ප්‍රදේශයෙ සිදුවන යාත්‍රා අතුරුදහන් වලට වගකිව යුත්තේ මිනිසාගේ අතින් සිදුවන වැරදි,කාර්මික දෝෂ සහ අයහපත් කාලගුණික තත්වයන් ආදී ස්වභාවික අනතුරු බවයි.
Ernest Tares සහ Barry Singer.බර්මියුඩා ත්‍රිකෝණය අශ්‍රිත පිටසක්වල ක්‍රියාකාරකම් පිළිබද විශ්වසයෙන් පසුවන විද්‍යාඥයින් යුවලකි.මේ ප්‍රදේශයෙ සිදුවන ක්‍රියාකාරකම් ස්වභාවික විපර්යාස ලෙස විස්තර කිරීමට උත්සාහ ගන්නා විද්වතුන් විසින් මෙහි හයිඩ්‍රේට් වල බලපෑමක් පිලිබදව කරුණු දක්වයි.එ කෙසේ වෙතත් එදා මෙදා තුර මේ බර්මියුඩා ත්‍රිකෝණය තුලින් අතුරුදහන් වූ නවික යත්‍රා අහ ගුවන් යානා ප්‍රමානය සුළු පටු නොවේ.උදා; ඇමරිකානු නාවික යාත්‍රාවක් වූ TBF-Flight  19 යාත්‍රාව,Mary Celeste,New York හා Ellen Austin ආදිය දැක්විය හැකිය.මේ පිළිබද කොතරම් සොය බැලීම් කලත් තවමත් මෙහි සැබෑ තත්වය ලොවට අභිරහසක්ව පවතී.








සිතක සේයා....

 
















සිතක සේයා
මතක මාවතේ
නිහඩ ගමනක....

තනිකම‍යි,
පාලුවයි,
නිබදවම තනියට........

ඉරබට තරුව.....













ඉරබට තරුව උනා නම් නුඹ මට
විද දර ගන්න හැකි කලුවර
පිටුපා යන්න ගියවේ පුර හද
එක තරුවක් ඇති මගේ අහසට.....  

මුල් ගුරුතුමාණෙනි,

ඇමරිකා එක්සත් ජනපදයේ 16 වැනි ජනාධිපති ධූරය හෙබවූ ඒබ්රබහම් ලින්කන් ලොව අසම සම ගනයේ දේශපාලනඥයෙකි. ගුරුවරයෙකු විසින් තම පුත්රධයා තුළ විකසිත කළ යුතු අධ්යාසත්මික ගුණ වගාව පැහැදිලි කොට දක්වන ලද ලිපියක් දිනෙක ඒබ්රෙහම් ලින්කන් ඔහුගේ පුත්රවයාගේ පාසලේ මුල් ගුරුතුමාට ලිව්වේය. අධ්යාකපනය සම්බන්ධ අති විශිෂ්ඨ ගනයේ ලිපියක් ලෙස මෙය සැලකෙන අතර, මව්පියන්, ගුරුවරුන් හට මෙන්ම සිසුන් හටද අපූර්ව ඉගැන්වීමකි...


මුල් ගුරුතුමාණෙනි,

මගේ පුතාට කියා දෙන්න ලොවේ වෙසෙන හැම මනුෂ්ය යෙකුම සර්ව සාධාරණ නොවන බව, එහෙත් ඔහුට කියා දෙන්න හැම අධමයෙකු, දුර්ජනයෙකු පාසාම ගුණ යහපත් වීරයෙකුත් මේ ලෝකයේ සිටින බව. ඇත්තෙන්ම හැම දෙනාම අධම තක්කඩින් නොවේ. තක්කඩින් මෙන්ම යහපත් උදවියත් සිටිනා බව මගේ පුතාට උගන්වන්න. හැම ආත්මාර්ථකාමී දේශපාලකයෙකු වෙනුවට මේ රටේ සුභසිද්ධිය වෙනුවෙන් කැප වුණු යහපත් දේශපාලනඥයින්ද සිටිනා බව මගේ පුතාට ඒත්තු ගන්වන්න. තවද, සෑම සතුරෙකු පාසාම මිතුරෙකුද සිටිනා බව ඔහුට කියා දෙන්න.

නොමිලයේ කෙසේ හෝ ලැබෙන ඩොලර් පහට වඩා තමන්ගේ දහඩිය මහන්සියෙන් උපයන ඩොලරය වටිනා කමින් වැඩි බව ඔහුට කෙසේ හෝ වටහා දෙන්න.

පරාජය විඳ දරා ගැනීමටත්, ජයග්රේහණය නිහතමානීව සතුටින් බාර ගන්නටත් මගේ පුතාට උගන්වන්න. සමහරුන් ඊර්ෂ්යාැ සහගතව ඔහු යටපත් කරන්නටත්, ඈත් කරන්නටත් ක්රි්යා කරද්දී ඒ ගැන කළකිරීමෙන් තොරව සන්සුන්ව සිටිමින් යටි සිතින් සිනාසෙන්නට හැකි ශක්තියේ රහස ඔහුට කියා දෙන්න. තමන්ගේ බලපුළුවන්කාර කම පෙන්වා මිනිසුන් බිය ගැන්වීමට ඉදිරිපත් වෙන අය මේ ලෝකයේ පරාජය කරන්නට පහසුම අය බව ඔහුට අවබෝධ කර දෙන්න. මුල් ගුරුතුමාණෙනි, ඔබට හැකිනම්, පොත පතෙහි පවත්නා චමත්කාරය ඔහුට පෙන්වා දෙන්න. තවද, අහසේ පියාසර කරන සියොතුන්ද, ගුවනේ සැරිසරන මී මැස්සන්ද, නිල්වන් කඳු හෙල් මත විකසිත වන මල් ගොමුද පවසන සදාතනික රස රහස ගැන නිවී සැනසිල්ලේ මෙනෙහි කරන්නටද ඔහුට ඉඩකඩ සලසන්න.

වංචා කිරීමට, හොර මැර කම් කිරීමට වඩා පරාජයට මුහුණ දීම ගෞරවාන්විත බවත්, හැම කෙනෙකුම ඔහුට විරුද්ධත්වය ප්රලකාශ කර සිටින අවස්ථාවේදී පවා තමන්ගේ අවංක අදහස් ගැන විශ්වාසය තබා ක්රිකයා කිරීම ඉතා අගනා බව මුල් ගුරුතුමාණෙනි, ඔහුට වටහා දෙන්න. විනීත සුවිනීත මිනිසුනට ආචාරශීලී අන්දමින්ද, ප්රඅචන්ඩ මිනිසුනට තද ප්රරතිපත්තියෙන්ද කටයුතු කළ යුතු බව ඔහුට උගන්වන්න. දුවන්නන් වාලේ නොදුවමින් බුද්ධිය මෙහෙයවමින් යුතුකම් අයුතුකම් තෝරා බේරාගෙන ක්රිකයාත්මක වීමේ ශක්තිය ඔහුට ලබා දෙන්න.


හැම කෙනෙකුටම සවන් දීමට ඔහුට උගන්වන්න. එහෙත් ග්ර්හණය කළ සියල්ලෙන් සත්යනය නැමැති පෙනේරයෙන් හැලෙන හොඳ දේ පමණක් පිළිගන්නට ඔහුට උගන්වන්න. අවස්ථානුකූලව කඳුළු සැලීම අවනම්බුවට හේතුවක් නොවන බවද ඔහුට උගන්වන්න. හැම දෙයකම වැරදි සොයන්නන් ගැන සැලකිලිමත් නොවන්නටත්, අතිශය ප්රිටයමනාප සහගත චාටු බස් පවසන්නන්ගෙන් ප්රනවේශම් වන්නටත් ඔහුට වටහා දෙන්න.

ඔහුගේ චිත්ත ශක්තිය ඉහළ මිලකට අලෙවි කළ යුතු අතර, හදවත සඳහා කිසි දිනෙක මිල තක්සේරු නොකළ යුතු බවද ඔහුට අවබෝධ කර දෙන්න. කලහකාරී පිරිසක් බෙරිහන් දෙන විට එයට සවන් නොදෙන්නටත්, සත්ය ය වෙනුවෙන් එඩිතරව පෙරට පිය නගමින් නිර්භයව සටන් කරන්නටත් ඔහු දිරිමත් කරන්න.

මුල් ගුරුතුමාණෙනි, ඔහුට මැනැවින් සලකන්න. එහෙත් අනවශ්ය අයුරින් ඔහු සුරතල් කිරීමෙන් වළකින්න. අනගි වානේ නිපදවන්නේ ගින්නෙන් රත් කොට ප්රි ක්සීමෙන් බව ඔහුට පැහැදිලි කරන්න. එමෙන්ම, ජීවිත ගමනේදී දහසක් දුක් ගිනි අත්දකින්නට අවස්ථා සැලසුණත්, ඒ අත්දැකීම් තමන්ගේ අභිවෘද්ධියට හේතු වන බව ඔහුට මැනැවින් අවබෝධ කර දෙන්න.

එඩිතර බව සඳහා අවශ්ය වන ඉවසීම ඔහු සතු විය යුතුය. ඒ නිසා තමන් තුළ උදාර ආත්ම විශ්වාසයක් ඇති කරගන්නට ඔහුට මග පෙන්වන්න. එවිට මනුෂ්යු වර්ගයා කෙරෙහිද එබඳු විශ්වාසයක් ඔහු තුළ ඇති කරගන්නට ඔහුට හැකි වන්නේය.

මා පවසන මෙම අධ්යාෙපනය මගේ පුතාට ලබා දීම භාරධූර කාර්යයක් බව මා දන්නවා. එහෙත්, ඔබට හැකි හැම දෙයක්ම මගේ දරුවා වෙනුවෙන් කරන්න. මගේ පුත්රරයා ඔබ නිසා හොඳින් පන්නරය ලබනු ඇති බව මට විශ්වාසයි.

මෙයට,
ඒබ්රවහම් ලින්කන්