බර්මියුඩා ත්‍රිකෝණය නොහොත් යක්ෂයාට කැප වු අඩවිය

මුලු ලෝකයම කැලඹීමට සමත් අභිරහස්ජනක සිද්ධීන් සමුදායක් සගවාගත් බර්මියුඩා ත්‍රිකෝණය සැබවින්ම නොවිසිදුනු අභි රහසක් වේවිද යන්න කිව නොහැකිය.එක්සත් රාජධානියේ දක්ෂිණ අත්ලන්තික් සාගර කලාපයේ හෙවත් ෆ්ලෝරිඩාවේ පිහිටි මෙ ප්‍රදේශය සැබවින්ම යක්ෂයාට කැප වු අඩවියක් ලෙස හැදින්වීමේ වරදක් නැත.
කිසිදු පිළිගත හැකි භූ විද්‍යාත්මක දත්ත හෝ සදහනක් නොමැති සාගර කලාපයක් වන මෙය බර්මියුඩා ත්‍රිකෝණය හෙවත් යක්ෂයාගේ ත්‍රිකෝණය ( Devil's Triangle ) යනුවෙන් හදුන්වනු ලැබේ.බොහෝ කාලයක පටන් බර්මියුඩා ත්‍රිකෝණය ආසන්නයේ ගමන් කරන යාත්‍රා වලට මුහුන දීමට සිදුවන අද්භූත සිදුවීම් මේ කලාපය කෙරෙහි ලොව පුරා අවධානය යොමු කිරීමට සමත් වී ඇත.මෙහි ඇති පුදුම සහගත තත්වය නම් වඩාත් හොද තත්වයෙන් සහ කිසිදු කාර්මික දෝෂයක් නොමැතිව මෙ ප්‍රදේශය දක්වා ගමන් කරන අහස් යානා,බෝට්ටු සහ විශාල නැව් ආදී යාත්‍රාවන් යහපත් කාළගුණ තත්වයක් පැවතියදීම හිටි හැටියේ කිසිදු සඳහනක් නොතබා අතුරුදහන් වී යාමයි.ඉතා හොඳින් පලන මැදිරි හා අනෙකුත් ස්ථාන සමඟ සන්නිවේදන සබදතා පවත්වාගනිමින් බර්මියුඩා ත්‍රිකෝණයට ඇතුලුවන යාත්‍රවල පණිවුඩ හුවමරු සංඥා බර්මියුඩා ත්‍රිකෝණයේදී නැවති යයි.බර්මියුඩා ත්‍රිකෝණය ආශ්‍රිතව මාලිමාවල හැසිරිමද පුදුම සහගතය.සාමාන්‍යයෙන් මාලිමා කටුව දක්වන්නේ සැබෑ උතුර නොව චුම්බක උතුරය.එහෙත් පුදුමයකට මෙන් බර්මියුඩා ත්‍රිකෝණය අසලදී මාලිමාව පෘතුවියේ සැබෑ උතුර දක්වන බවට නිරීක්ශනය කල හැකිය.පෘතුවියේ සැබෑ උතුර, චුම්බක උතුරින් අංශක20ක් අපවර්තනය වී ඇති අතර මේ දිශා වෙනස මාලිමා මගින් ප්‍රකාශ වීම සැබවින්ම පහදා දිය නොහැකි තත්වයකි.මේ අයුරින් මාලිමා යන්ත්‍රයෙ ක්‍රියාව වෙනස් වී දක්වන බවට හදුනගෙන ඇති ගොඩ පිහිටි එකම ස්ථානය වනුයේ ජපානයේ Devil Sea වේ.
බර්මියුඩා ත්‍රිකෝණය ආශ්‍රිත අත්භූත භාවය පිලිබද පලමු සදහන හමුවන්නේ වර්ෂ 1492 ඔක්තෝබර් මස 11 වෙනි දින තබන ලද ක්‍රිස්ටෝපර් කොලොම්බස්ගේ ලොග් සටහන් පොතකිනි.එහි බර්මියුඩා ත්‍රිකෝණය ආසන්න්යෙන් ගමන් කරද්දී සිදු වු මාලිමා යන්ත්‍රවල වෙනස්කම් පිලිබද කරුණු සටහන් කර තිබේ.මෙහි ඇති තවත් සුවිශේෂි තත්වයක් වනුයේ මෙලෙසඅත්භූත ආකාරයෙන් සිදුවීම් වලට මුහුන දීමට සිදුවන සාගර කලාපයේ ජ්‍යාමිතික හැඩයයි.එනම් මේ සිදුවීම් වලට බලපාන ප්‍රදේශය වට නිවැරඩි අයුරින් පාද තුනකින් සීමා කොට දැක්විය හැකි වීමයි.මේ හැඩයේ සුවිශෙෂි බව නිසාම මේ කලාපයට බර්මියුඩා ත්‍රිකෝණය යන නාමයද ලැබී තිබේ.
මේ ප්‍රදේශයේ පවතින තත්වය පහදා දීම සදහා විවිද පුද්ගලයින් විවිධාකාර මතයන් ඉදිරිපත් කර තිබේ.සමහර අය මෙහි පිටසක්වල ජීවීන්ගේ බලපෑමක් ඇති බවට විශ්වාස කරති. මෙහි ඇති තවත් සුවිශේෂි තත්වයක් වනුයේ මෙලෙස අත්භූත ආකාරයෙන් සිදුවීම් වලට මුහුන දීමට සිදුවන සාගර කලාපයේ ජ්‍යාමිතික හැඩයයි.එනම් මේ සිදුවීම් වලට බලපාන ප්‍රදේශය වට නිවැරඩි අයුරින් පාද තුනකින් සීමා කොට දැක්විය හැකි වීමයි.මේ හැඩයේ සුවිශෙෂි බව නිසාම මේ කලාපයට බර්මියුඩා ත්‍රිකෝණය යන නාමයද ලැබී තිබේ.මේ ප්‍රදේශයේ පවතින තත්වය පහදා දීම සදහා විවිද පුද්ගලයින් විවිධාකාර මතයන් ඉදිරිපත් කර තිබේ.සමහර අය මෙහි පිටසක්වල ජීවීන්ගේ බලපෑමක් ඇති බවට විශ්වාස කරති.තවත් සමහර පැහැදිලි කිරීම් වලින් විස්තර කර ඇත්තේ මෙම බර්මියුඩා ත්‍රිකෝණය අපේ ලෝකයට සමාන්තරව පවතින වෙනත් ලෝකයක් හෝ කාල මානයක් හා සම්බන්ද වන දොරටුවක් වශයෙනි.මෙ ප්‍රදේශයේ සිදුවන චුම්බක රේඛාවල වෙනස් වීම මෙහි අති විශේෂ සිදුවීම් වලට හේතුවන බවට වන පිළිගැනීමක්ද යම් යම් අය අතර වෙයි.කෙසේ වෙතත් බර්මියුඩා ත්‍රිකෝණය අශ්‍රිත අසාමාන්‍ය තත්වය පිලිබද ස්තිර මතයක් ප්‍රකශ කිරීමට කිසිවෙකු සමත්වි නොමැත.
බර්මියුඩා ත්‍රිකෝණය අශ්‍රිත සිදුවීම් පිලිබද අදහස් දක්වන Kushe නමැති තැනැත්ත කිය සිටින්නේ මෙම ප්‍රදේශයේ අපගේ දැනුමට හසු නොවන අදිසි බාවයක් නිර්මාණය කරන බවයි.නමුත් මෙහි කිසිදු විශේෂත්වයක් නොමැති බවත් මෙයත් අනෙකුත් සාගර කලාපයන්ට සමාන බවටත් විශ්වාකරන පුද්ගලයෝද වෙති.ඔවුන් දරන මතය වනුයේ මෙ ප්‍රදේශයෙ සිදුවන යාත්‍රා අතුරුදහන් වලට වගකිව යුත්තේ මිනිසාගේ අතින් සිදුවන වැරදි,කාර්මික දෝෂ සහ අයහපත් කාලගුණික තත්වයන් ආදී ස්වභාවික අනතුරු බවයි.
Ernest Tares සහ Barry Singer.බර්මියුඩා ත්‍රිකෝණය අශ්‍රිත පිටසක්වල ක්‍රියාකාරකම් පිළිබද විශ්වසයෙන් පසුවන විද්‍යාඥයින් යුවලකි.මේ ප්‍රදේශයෙ සිදුවන ක්‍රියාකාරකම් ස්වභාවික විපර්යාස ලෙස විස්තර කිරීමට උත්සාහ ගන්නා විද්වතුන් විසින් මෙහි හයිඩ්‍රේට් වල බලපෑමක් පිලිබදව කරුණු දක්වයි.එ කෙසේ වෙතත් එදා මෙදා තුර මේ බර්මියුඩා ත්‍රිකෝණය තුලින් අතුරුදහන් වූ නවික යත්‍රා අහ ගුවන් යානා ප්‍රමානය සුළු පටු නොවේ.උදා; ඇමරිකානු නාවික යාත්‍රාවක් වූ TBF-Flight  19 යාත්‍රාව,Mary Celeste,New York හා Ellen Austin ආදිය දැක්විය හැකිය.මේ පිළිබද කොතරම් සොය බැලීම් කලත් තවමත් මෙහි සැබෑ තත්වය ලොවට අභිරහසක්ව පවතී.








2 comments: