ආදරය මැනීමට මිම්මක්....

මිනිස්සු ලස්සන වෙන්නේ හදවත ලස්සන උනාම කියන ඒක සමාජ පිලිගැනීම. ආදරයෙදි මේ කියන ලස්සන ගොඩක් හොයල බලන දෙයක්.... ඒත අපි දකින මේ ආදර කතා වල හදවතින් ලස්සන අයට තැනක් නැ. බාහිර ලස්සනට හැම්දේම යට වෙලා.... බාහිර ලස්සන තියෙන්නේ බොහොම ටික කාලයයි. ඒත් කෙනෙකුගේ හදවතේ ලස්සන එ කෙනා මිය යනකල්ම පවතින්වා.... කතාව කොහොම උනත් යෞවනයත් එක්ක ආදරය බැදීමත් සමඟම ආදරය කියන වදනින් පවා අභයන්තර ලස්සන එහෙමත් නැත්නම් හදවතේ ලස්සන ඈත් වෙලා...එයයි යතාර්තය.... මේ කියන යතාර්තයත් එක්කම හදවතින් ලස්සන කෙනාට ආදර කතාන්තර වලදී හැමදාමත් උරුම උනේ තනිකම, පාලුව, දුක, සාංකව, විරහව කියන දේවල් විතරයි. මේ ආදර කතා වල හදවතින් ලස්සන අයත් ආදරේ දිනපු අවස්ථා නැතුවම නෙමේයි. ඒත් අල්පයි. මේ ගැන හිතලා බලත්දී හිතට දැනේන එක දෙයක් තමයි වර්තමාන යොවුන් ආදරවන්තයින් හදවතේ ලස්සනට වඩා බාහිර ලස්සන ගැන වැඩිපුර සැලකිල්ලක් දැක්වීම. ඒ කතා කෙසේ කොහොම උනත් තේරුම් යන එක දෙයක් නම් "ආදරය මැනීමේ මිම්මක් බවට බාහිර ලස්සන පත්වීම." එකී නොකී මෙකී සියලු දෙයින්ම අන්තිමට ගම්‍ය වෙන්නේ වර්තමාන ආදර කතා වලට හදවතින් ලස්සනවුන්ට තැනක් නොමැතිකම නොවේද?

2 comments:

  1. අනේ මලේ අකුරු නම් පොඩි වැඩියි. තව ටිකක් ලොකු කලානම් හොදයි වගේ. කාලෙකින් ආයෙත් ලියන්න පටන් අරන්. සතුටුයි ඒ ගැන. ජීවිතේ පළමු වතාවට බ්ලොග් එකක් කරන්න ඕන කියන අදහස මගේ ඔළුවට ආවේ මින්සරගෙ සටහන දැක්කම. ඒ ගැන ගොඩක් සතුටුයි. ජය!

    ReplyDelete
  2. අක්කා දැන් හරි නේද..... ඔයා දැන් ඉන්න්වනම් එන්න ජිමේල්.....

    ReplyDelete