ආදරේ කියන්නේ වේදනාවක්ද?

ආදරේ කියන්නේ හුදෙක්ම වේදනාවක් නෙමේයි....කෙනෙකුට ආදරේ වේදනාවක් වෙනකොට තවත් කෙනෙකුට ඒක ගොඩක් සුන්දර දෙයක්. තවත් කෙනෙකුට සතුටක් වෙන ආදරය තවත් කෙනෙකුට දුකක්....මං දකින ආදරය දුක, සතුට, අදරය, කරුනාව, වේදනාව, ලෙන්ගතුකම, සුන්දරත්වය කැටිවු කටුකවූත් සුන්දරවූත් මිහිරිතම අත්දැකිමක්..කවුරු මොනවා කිව්වත් පරම පිවිතුරු ආදරයක් මෙ ලොකේ තිබුනනම් ඒ සිදුහත් කුමරයා සහ යශෝධරා දේවිය කියන ආදරවන්තයින් ලඟ පමනයි... මං එහෙම කියන්නේ බුදුදහමට අනුව....දන්නා පමනින් ඉන් පසුව මේ ලොකේ පරම පිවිතුරු අදරයක් තිබුනේ නැ. අපි කොහොම මොනදේ කිව්වත් සැබැ තත්වයනම් අපි ඉන්න මේ ලෝකයයේ ආදරයක් කියා හදුන්වන්නේ රාගය, අශාව, තන්හාවෙන් පිරුනු තාවකලික තෘප්තියක්...එක දවසක් මාසයක් අවුරුද්දක් නැත්නම් ජිවිතේ ඇති තුරාවට වෙන්න පුලුවන්. ඒ දේ තෙරුම් අරන් ආදරෙ කලානම් ආදරේ ගැන මේවගේ දෙවල් ලිය වෙන්නේ නැ. කවරු කොහොම් කෙසේ කිව්වත් ආදරේ කියන්නේ තමන් ආදරේ කරන කෙනා වෙනුවෙන් කරන උතුම් පරිත්යගයක්...අසීමිත කැප කිරීමක්.

3 comments:

  1. සෑහෙන දුරට එකගයි ඔයා එක්ක.

    ReplyDelete
  2. අක්කා හැමදාමත් මාත් එක්කනේ ඉතින්....

    ReplyDelete
  3. තන්හාව,ආශාව කියන්ට හොඳ මදි නිසා දාපු වචනය තමයි ආදරය කියන්නේ...
    හැබැයි ජිවිතේ කැප කරලා ඔය තන්හාව තියෙන මිනිස්සුත් එන්නවා.

    ReplyDelete